කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ අනුව වෙඩිතැබීමක් සිදුකිරීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම නොසන්සුන්තාව හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්රහාරද එල්ල කිරීමට සිදුව තිබේ.

