Homeසියලුම පුවත්වෙඩිවැදුණු බැකෝ සමන්ගේ මව මරුට

වෙඩිවැදුණු බැකෝ සමන්ගේ මව මරුට

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති අතර, එම අවස්ථාවේදී මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව සඳහන්ය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments