Homeසියලුම පුවත්වෙනිසියුලා භූකම්පනයෙන් මරණ 920 දක්වා ඉහළට

වෙනිසියුලා භූකම්පනයෙන් මරණ 920 දක්වා ඉහළට

වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය බදාදා රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූකම්පනයක් ඇති වූ අතර, අද (27) උතුරු වෙරළ තීරය ආශ්‍රිතව රික්ටර් 4.9ක පසු කම්පනයක් ද වාර්තා වී තිබෙනවා.
මේ වනවිට පුද්ගලයින් 3,360කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 243 දෙනෙකු බේරාගෙන තිබෙනවා. තවත් පිරිසක් අතුරුදන්ව සිටින අතර, සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
භූකම්පනයෙන් උතුරු ප්‍රදේශයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති අතර, පසු කම්පන 214ක් ද මේ වනවිට වාර්තා වී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments