Thursday, November 13, 2025
Homeසියලුම පුවත්වෛද්‍යවරු රට හැර යෑම උග්‍ර අතට! හම්බන්තොට රෝහලට හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරයාත්...

වෛද්‍යවරු රට හැර යෑම උග්‍ර අතට! හම්බන්තොට රෝහලට හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරයාත් කියන්නෙම නැතුව රට ගිහින් !

හම්බන්තොට මහරෝහලට සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ද රට හැරගොස් ඇති බව වාර්තා වේ.

අදාල විශේෂඥ වෛද්‍යවරයා රට හැරගොස් ඇත්තේ පෙර දැනුම් දීමකින් තොරව බව පැවසේ.

දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව පවසා ඇති වෛද්‍යවරයා, අද දිනයේ දී ඔහුගේ මිතුරන්ට එවා ඇති කෙටි පණිවුඩ මගින්, තමන් එක්සත් රාජධානිය බලා පැමිණි බව දැනුම් දී තිබේ.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොමැතිව, සදුදා දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ශල්‍යකර්ම සිදුකරන්නේ කෙසේද යන ගැටළුවට, මේ වන විට හම්බන්තොට මහරෝහලේ පාලනාධිකාරිය මුහුණ දී සිටින බව පැවසේ.

—මව්රට–

RELATED ARTICLES

Most Popular

Recent Comments