Homeසියලුම පුවත්ශ්‍රවණාබාධ කලින් හඳුනාගැනීමට WHO වෙතින් නව App එකක්

ශ්‍රවණාබාධ කලින් හඳුනාගැනීමට WHO වෙතින් නව App එකක්

World Health Organization විසින් ශ්‍රවණාබාධ කලින් හඳුනාගැනීම සඳහා “WHOears” නමින් නව ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ.
ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් විවිධ මට්ටමේ ශ්‍රවණාබාධ සමඟ ජීවත් වන අතර, මූලික ශ්‍රවණ පරීක්ෂණ සේවා නොලැබෙන පිරිසට පහසු විසඳුමක් ලෙස මෙම යෙදුම හඳුන්වා දී ඇති බව සඳහන් වේ.
Android සහ Apple උපාංග සඳහා නොමිලේ ලබාගත හැකි මෙම යෙදුම මඟින්, සාමාන්‍ය හෙඩ්ෆෝන් යුගලයක් සහ ටැබ්ලට් පරිගණකයක් භාවිත කර ඕනෑම නිස්කලංක ස්ථානයක ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කළ හැකිය.
වයස අවුරුදු 5 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද මෙම යෙදුම මඟින් ලබාදෙන අතර, ශ්‍රවණාබාධ කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව WHO සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments