හොරණ බටගොඩ ගල්පාත ප්රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අද (03) පස්වරුවේ හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුව ඇති බව පොලීසිය පවසයි.
ගින්නෙන් පසු එම නිවාසයේ සිටි පුද්ගලයින් 55 දෙනෙකු තුවාල ලබා ගල්පාත සහ හොරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
හොරණේ වැඩිහිටි නිවාසයක ගින්නක් – 55ක් රෝහල්ගත කෙරේ

