Homeසියලුම පුවත්ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වී තිබේ.
එහිදී IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ එහි කාර්ය මණ්ඩලයේ මළ සිරුරු ඉරානයට භාරදීමට ලබාදුන් සහාය පිළිබඳව ඉරාන අමාත්‍යවරයා කෘතඥතාව පළ කර ඇත.
තවද, එම නෞකාවට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් ලෙස හඳුන්වමින්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස නීතිය හමුවට ගෙන ඒමට සියලු නීතිමය සහ දේශපාලනික පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර තිබේ.
එමෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය තත්ත්වය පිළිබඳවද මෙම සංවාදයේදී සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments