Tuesday, November 18, 2025
Homeදේශපාලනශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග..

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග..

   ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. 

ඒ අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.

ඒ අනුව, ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ කටයුතු කළහ.

ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ. 

පෙත්සම් විභාගයට ගැනුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. (News1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments