Homeසියලුම පුවත්ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට රැගෙන එයි

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට රැගෙන එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට අල්ලස් කොමිසම වෙත රැගෙන විත් තිබේ.

අද (07) පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව පැය දෙකකට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

‘සිරිලිය සවිය’ සංවිධානයට අදාළ ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments