ඇප මත මුදාහැරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඇයගේ සෞඛ්ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදාහැරුණු ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.එහිදී ප්රතිකාර ලබමින් සිටි ඇය, වැඩිදුර වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර සඳහා මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

