Friday, November 14, 2025
Homeදේශීයසතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි

සතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි

සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඒ සම්බන්ධව පොලීසියට දැනුම්ද දී ඇත.

ඒ අනුව, පේරාදෙණිය පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිළධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී වෙඩි තබා මරණ ලද ඌරෙකු සහ සතුන් දඩයම් කිරීමට ජිප් රථයකින් පැමිණ සිටි පුද්ගලයින් හයදෙනෙකු සිට ඇත.

ඒ අනුව එම සැකකරුවන් හයදෙනා ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස්කොපු 03ක්, පොරවක්, අත්පොරවක් ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 71ත් අතර වයස්වල පසුවන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී යහලතැන්න ප්‍රදේශයේ මාර්ගය අයිනේ කැලෑබද ස්ථානයක රඳවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments