Sunday, November 16, 2025
Homeදේශීයසරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්

සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ප්‍රහාර එල්ල කර තිබේ.

මීට ටික වේලාවකට පෙර කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (07) දිනයේ සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ අතර ඉන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකටද තුවාල සිදුව තිබුණි.

මීට විරෝධය පළ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දහවල් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වුණි.

පසුව ඔවුන් කොළඹ පුරහල දෙසට විරෝධතා පා ගමනකින් පැමිණෙමින් සිටිය දී එම ජල ප්‍රහාරය එල්ල කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments