ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සර්වජන බලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව සඳහන් කර ඇති සර්වජන බලය, රඳවා සිටින පුද්ගලයෙකුගේ මූලික මානව හිමිකම් සහ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද අවධාරණය කර ඇත.
එමෙන්ම මානුෂීය පදනමින් මෙම කරුණ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසද එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
සර්වජන බලයෙන් ජනපතිට විශේෂ ලිපියක්

