රෝහල්ගතව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා තත්ත්වයක පවතින බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ අද (08) කොළඹ ජාතික රෝහලේදී ඔහුගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.
සලේ මහතාගේ තත්ත්වය අසාධ්‍ය බවත්, ඔහු සිය උපවාසය අත්හැර නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. වෛද්‍යවරුන් විසින් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවද වාර්තා වේ.
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්

