කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින සුරෙස් සාලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ නිරතව සිටින බව වාර්තා වේ.
ඔහුගේ පවුලේ ඥාතීන් හා නීතිඥවරයා ඊයේ (08) ඔහුව හමුවූ අවස්ථාවේදී, තමන් තවදුරටත් ආහාර වර්ජනයේ සිටින බව සලේ මහතා ප්රකාශ කර ඇති බව සඳහන්ය.
තමා සම්බන්ධ විමර්ශනවලින් CID අධ්යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලා ඔහු මෙලෙස උපවාසයේ නිරතව සිටින බව වාර්තා වෙයි.
මේ අතර, ඔහුට සිදුවන බව කියන අමානුෂික හා කෘර සැලකිලිවලට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්යග්රහයක්ද පැවැත්වෙන අතර, දේශපාලන පක්ෂ කිහිපයක් එයට එක්ව සිටී.
කෙසේවෙතත්, අදාළ විමර්ශන අධිකරණය හමුවේ පවතින බැවින් ඒ පිළිබඳව නීතිමය ක්රියාවලියෙන් විසඳාගත යුතු බව ආණ්ඩු පාර්ශ්වය සඳහන් කරයි.
සලේ තවදුරටත් ආහාර වර්ජනයේ – උපවාසය අතහැරීමට කොන්දේසි

