කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (10) නිකුත් කළ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද අද දිනය තුළ වරින් වර වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු මැද සහ සබරගමුව පළාත්, මෙන්ම මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං වරින් වර හමා යා හැකි බවද අනාවැකියේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

