Wednesday, November 19, 2025
Homeදේශීයසහල් ආනයන අවසර කාලය දිගු කිරීමට කැබිනට් අනුමැතිය

සහල් ආනයන අවසර කාලය දිගු කිරීමට කැබිනට් අනුමැතිය

සහල් ආනයනය සහ ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළෙඳ පොළේ පවතින සහල් හිඟය හේතුවෙන් 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි සඳහන් වෙන්නේ.

එසේම, ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව 2024-12-20 දින දක්වා සහල් ආනයනය කිරීම පිණිස පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට ද අවසර ලබා දී ඇති අතර, දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 ජනවාරි මස අවසානය දක්වා පැවතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන්.

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව පුද්ගලික අංශයේ ආනයන කරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති කාලසීමාව 2025 -01-10 දින තෙක් දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments