Wednesday, November 19, 2025
Homeදේශීයසහල් සහ වී ගැන ගැසට් අති විශේෂ ගැසට් නිවේදනයක්

සහල් සහ වී ගැන ගැසට් අති විශේෂ ගැසට් නිවේදනයක්

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (24) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(b)(ii) වගන්තියට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය අද (ජුනි 24) සිට ක්‍රියාත්මක වනු ඇති.

RELATED ARTICLES

Most Popular

Recent Comments