Sunday, November 16, 2025
Homeදේශපාලනසාගල රත්නායක දෙනියායෙන් කොළඹට

සාගල රත්නායක දෙනියායෙන් කොළඹට

එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බල මණඩලයේ සභාපති ලෙස සාගල රත්නායකව තොරා පත් කර ගෙන තිබෙනවා.

ඒ, ඊයේ කිරුලපන දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේ දීය.

හිටපු නාගරික මන්ත්‍රි අර්ෂාඩ් විසින් ජනාධිපති සාගල රත්නායක ගේ නම යෝජනා කර ඇති අතර සභාව විසින් එය එකමතිකව ස්ථිර කර ඇතැයි සදහන්.

ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිලිබද ජනාධිපති ජෙෂ්‍යථ් උපදේශක කටයුතු කරන සාගල රත්නායක, එක්සත් ජතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවනවා.

1999 දි මාතර -දෙනියාය ආසනයේ එජාප බල මණඩල සභාපතිවරයා ලෙස පත් වු සාගල රත්නායක, පලාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයක් සහ නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.

එ අනුව සාගල රත්නායක ඉදිරියේදි කොළඹ දිස්ත්‍රිකයෙන් දේශපාලනයේ නිරත වන බව දේශපාලන ආරංචි ,අරග පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments