Homeසියලුම පුවත්සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මැද නිකුත් කිරීමට සැලසුම්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මැද නිකුත් කිරීමට සැලසුම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද භාගය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිඵල නුදුරේදීම නිකුත් වන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර ඇත්තේ, ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
කෙසේවෙතත්, ජුනි මස මැද වන විට ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වූ අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටියහ.
ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර, 69,214 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments