Homeසියලුම පුවත්සාම පාගමනට ගෞරවයෙන් සලකන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

සාම පාගමනට ගෞරවයෙන් සලකන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මාර්ගයේ දෙපස රැස්වන ජනතාව විනයානුකූලව හා සංයමයෙන් හැසිරෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
පාගමන ගමන් කරන අවස්ථාවේදී ගෞරව දැක්වීමේදී භික්ෂූන් වහන්සේ සහ විදේශ දූත පිරිසට බාධා නොවන ලෙසත්, ආරක්ෂාවට සහාය වන ලෙසත් බලධාරීන් අවධාරණය කරයි.
අප්‍රේල් 21 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආරම්භ වූ මෙම පාගමන අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතය.
මේ අතර, ඇතැම් ස්ථානවල තෙරපීම, තල්ලු කිරීම සහ අධික ඡායාරූප/වීඩියෝ ගත කිරීම වැනි සිදුවීම් වාර්තා වී ඇති බැවින්, එවැනි හැසිරීම් වලින් වළකින ලෙසද පොලීසිය ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments