Homeසියලුම පුවත්සාම පාගමන අවසන් කර හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටවෙති

සාම පාගමන අවසන් කර හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටවෙති

දින 07ක් පුරා පැවති “ඒහිපස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා, ‘ආලෝකා’ සුනඛයා සහ තවත් පිරිසක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නගරය බලා පිටත්ව ගොස් තිබේ.
ඉන් අනතුරුව එම පිරිස අමෙරිකාව බලා ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.
ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වීම සිදුකර ඇති අතර, සේවක සේවිකාවන් ද පැමිණ ආශිර්වාද ලබාගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments