Homeසියලුම පුවත්සැප්තැම්බර් දින 13ට ඩෙංගු රෝගීන් 2,146ක්

සැප්තැම්බර් දින 13ට ඩෙංගු රෝගීන් 2,146ක්

මෙම වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම රෝගීන් අතරින් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය සඳහන් කරයි.

මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු වාර්තා වී තිබේ.

වසරේ සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 20,742කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,235ක් වාර්තා වී ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම දිස්ත්‍රික්ක ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ අතරට අයත් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments