Monday, January 5, 2026
Homeදේශීයසිරසට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරයි.. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා

සිරසට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරයි.. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා

සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයා ද එහිදී සඳහන් කර ඇත්තේ සිරස ප්‍රධානියෙකුද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මෙය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන එකක් බවත්ය.

මෙම නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇත.

පසුගිය කාලයේ දී ද ගොවි ජනතාව උසි ගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්‍රණයක නිරත වූ බවටද චෝදනා එල්ල විය.

ඒ අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ මෙම නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටයි

RELATED ARTICLES

Most Popular

Recent Comments