Wednesday, November 19, 2025
Homeදේශීයසුමනා අමරසිංහ ජීවන ගමනට සමුදෙයි..

සුමනා අමරසිංහ ජීවන ගමනට සමුදෙයි..

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය ( 74 ) අභාවප්‍රාප්ත විය.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඊයේ ඇය අභාවප්‍රාප්ත වී ඇති බවය.

සුමනා අමරසිංහ මහත්මිය සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ රූබී ද මැල් මහත්මිය අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු සිනමා පටයෙනි.

සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, සිතක සුවඳ ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්වය දුන් ඇය, ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් අවස්ථා කිහිපයකදී පිදුම් ලැබුවේ ය.

සිනමා පට 6ක් නිෂ්පාදනය කර ඇති ඇය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදනයේදී ප්‍රකට කළ රංග ලාලිත්‍ය මෙරට ජන මනසේ අදටත් ජීවමාන වේ.

අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments