Homeසියලුම පුවත්සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අගෝස්තු 4 සහ 6 දින සලකා...

සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අගෝස්තු 4 සහ 6 දින සලකා බැලීමට නියම කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට අදාළව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 4 සහ 6 යන දින නියම කරමින් අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වැළැක්වීමේ අරමුණින් සුරේෂ් සලේ මහතා මෙම පෙත්සම ගොනු කර තිබේ.

එම පෙත්සමට මැදිහත්ව කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව අටක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ දේශන අවසන් වූ පසු අතරමැදි පෙත්සම් සලකා බලන බව අධිකරණය සඳහන් කළේය.

පාර්ශ්වයන්ගේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත එම අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අගෝස්තු 4 සහ 6 යන දිනවල සිදු කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments