Monday, January 26, 2026
Homeදේශපාලනසුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

සුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි.

⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන පිරිස ද එක්වීමට නියමිතව තිබේ.

මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීමද විශේෂත්වයකි.

මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වෙයි.

හිටපු ජනාධිපතිවරයා මාර්තු 2වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments