වවුනියාව, සෙට්ටිකුලම ප්රදේශයේ නේරියකුලම වැවේ සඟවා තිබූ T-56 වර්ගයේ ගිනිඅවියක්, පතොරම් ගැබ් තුනක් සහ පතොරම් 84ක් සොයාගෙන තිබේ.
ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී අදාළ ගිනිඅවිය සහ පතොරම් තොගය සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
කිසියම් අපරාධයක් සිදුකළ පිරිසක් විසින් මෙම ගිනිඅවිය සහ පතොරම් අදාළ ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
පොලිස් භාරයට ගත් ගිනිඅවිය සහ පතොරම් තොගය වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

