සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට වැඩි පහසුකම් හා ප්රතිලාභ ලබාදීමේ අරමුණින්, එම අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අධිභාර හා අයකිරීම් ක්‍රමවේදය වැඩි ඵලදායී බවට පත් කිරීම, වාණිජ බැංකු මඟින් නොව අරමුදල මඟින්ම ණය පහසුකම් ලබාදීම සහ පිරිමි–කාන්තා ශ්‍රමිකයින් අතර පවතින අසමානතා ඉවත් කිරීම යන කරුණු මෙම සංශෝධනය තුළ ඇතුළත් වන බවය.
මෙම කරුණු පිළිබඳව විශේෂ අවධානයක් ඊයේ (30) දින කම්කරු උපදේශක සභා රැස්වීමේදී යොමු වූ අතර, එහිට අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, හා වෘත්ති සමිතියන්ගේ නියෝජිතයින්ද සහභාගි වූහ.
අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සේවා යෝජකයින්ගෙන් අධිභාර අයකිරීම් ක්‍රියාවලිය සංකීර්ණ නොවිය යුතු බවත්, එවිට කඩිනමින් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත්ය.
එම අවස්ථාවේදී වතු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ එය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බවය.
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

