යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ජසාන් ප්‍රදේශයේ පිහිටි අරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය වන රාස් තනුරා වෙත පෙරේදා (25) ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය සිදුව තිබේ.යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි ජසාන් තෙල් පිරිපහදුවට දිනකට බොරතෙල් බැරල් 400,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවක් පවතී.මේ අතර, හූති කැරලිකරුවන් භාවිත කළ බවට පැවසෙන බැලස්ටික් මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් යේමනයේ හොදෙයිදා වරාය නගරයේදී විනාශ කළ බව සෞදි ආරක්ෂක අංශ සඳහන් කරයි.සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරවලට දැඩි හමුදා ප්‍රතිචාරයක් දක්වන බවට සෞදි අරාබිය අනතුරු අඟවා තිබේ.හූති කැරලිකරුවන් පෙරේදා රාස් තනුරා තෙල් පිරිපහදුවට මෙන්ම ජෙඩා සහ ජසාන්හි රතු මුහුදු වරායන් වෙතද ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර තිබුණි.එම ප්රහාරවලදී රාස් තනුරා ප්‍රදේශයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානා හතරක් සෞදි ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර ඇති අතර, ජෙඩා ඉස්ලාමීය වරාය ආසන්නයේදී තවත් ඩ්‍රෝන යානයක් විනාශ කළ බවද සෞදි ආරක්ෂක අංශ පවසයි.යේමනයේ සිවිල් යුද්ධය යළි උත්සන්න වීමත් සමඟ හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ගුවන්තොටුපළ, තෙල් පහසුකම් සහ කාර්යාල ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

