Homeසියලුම පුවත්හන්ටා වෛරසය පැතිරුණු නෞකාවෙන් තවත් රෝගීන් ඉවත් කරයි

හන්ටා වෛරසය පැතිරුණු නෞකාවෙන් තවත් රෝගීන් ඉවත් කරයි

MV Hondius නමැති විනෝද චාරිකා නෞකාවේ හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉවත් කළ පිරිස අතර බ්‍රිතාන්‍ය, ඕලන්ද සහ ජර්මානු ජාතිකයින් සිටින අතර, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට මෙම නෞකාව ආශ්‍රිතව හන්ටා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ සහ සැක සහිත රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
විදෙස් වාර්තා අනුව, මෙම නෞකාවේ සිටි පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නෞකාව ඉදිරි දින කිහිපයේදී කැනරි දූපත් වෙත ළඟා වීමට නියමිතය

RELATED ARTICLES

Most Popular

Recent Comments