මහා භාණ්ඩාගාරය හරහා ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි සිදුවීම් වළක්වාගැනීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.
මෙම සිද්ධිය සඳහා “Business Email Compromise (BEC)” නමැති සයිබර් ප්‍රහාර ක්‍රමවේදය භාවිතා කර ඇති බවත්, එවැනි ප්‍රහාර බොහෝ පෞද්ගලික ආයතනවලටද සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් බැංකු පද්ධතියට “ISO 27001” සයිබර් ආරක්ෂණ තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස නිර්දේශ කර ඇති බැවින්, බැංකු පද්ධති සයිබර් ප්‍රහාරවලට ලක්වීම අවම වී ඇති බවද ඔහු පැහැදිළි කළේය.
ඒ අනුව, රටේ මුදල් කළමනාකරණයට වගකිවයුතු ආයතනවලද එවැනි ආරක්ෂණ පාලන ක්‍රම අනුගමනය කළහොත් මෙවැනි තත්ත්වයන් අවම කරගත හැකි බව ඔහු අවධාරණය කළේය.
තවද, සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් යාවත්කාලීන පද්ධති, නිසි පාලන ක්‍රම සහ නිරන්තර පරීක්ෂණ ඉතා වැදගත් බවද විශේෂඥයා සඳහන් කළේය.
හැකර් ප්‍රහාර වළක්වාගත හැකිද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පැහැදිළි කරයි

