පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් බැහැරව සේවකයින් බඳවාගෙන ඔවුන් පෞද්ගලික හෝ දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන සිද්ධියකට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීම
මීට පෙර අවස්ථා කිහිපයකදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගිය 29 වනදා ඔහුගේ නිවසටද ගොස් තිබුණි.
කෙසේ වෙතත්, පසුව ලබාදුන් දැනුම්දීම අනුව රවී කරුණානායක මහතා අද කොමිසම හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය රවී අල්ලස් කොමිසම හමුවට

