Homeසියලුම පුවත්හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අද යළි අධිකරණයේ විභාගයට

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම අද යළි අධිකරණයේ විභාගයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු අද (24) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සම පසුගිය ජූනි 18 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක මහත්වරුන් හමුවේ කැඳවූ අතර, එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
ඔහු සඳහන් කළේ, කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හෝ රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බවත්, සිය සේවාදායකයාට එරෙහිව එවැනි පියවරක් ගැනීමට ප්‍රමාණවත් හේතු නොමැති බවත්ය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය අද දිනට කල් තැබීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments