Sunday, January 25, 2026
Homeදේශීයහිටපු ජනපති රනිල් ඉන්දියාවට

හිටපු ජනපති රනිල් ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති.

මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි.

හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments