කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව හෙට (07) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, එම ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇත.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැ.කි.මී. 40–50 පමණ තද සුළං ද ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

