හෙට දිනයේදී කොළඹ ප්‍රදේශ රැසකට පැය 11ක ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) පැය 11 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට රාත්‍රි 9 සිට පසුදින පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටය.