Homeසියලුම පුවත්හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (07) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments