Friday, December 12, 2025
Homeදේශපාලනහොරණ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාජයට

හොරණ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාජයට

ජාතික ජන බලවේගය පාලනය කරන හොරණ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (05) දිනයේ එක් ඡන්දයකින් පරාජයට පත් විය.

අයවැය සභාවේදී සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි, උපසභාපති සනුජ වාසිතතිලකරත්න, ලේකම් අචිනි ගයන්ති සහ විෂය භාර ලිපිකරු කේ.ආර්.බී. මහේෂා යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළහ.

හොරණ නගර සභාවේ මන්ත්‍රී 12 දෙනාගේ ඡන්ද විමසීමේදී, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනා, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා, ස්වාධීන සහ ලන්තැරුම පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනා, සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා – එකතුවී අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහ.

මෙයට විරුද්ධව, ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළහ.

පෙර සමුද්‍රණය අනුව, අයවැයට පක්ෂව ඡන්ද 6 යි, විපක්ෂව ඡන්ද 7 යි ලැබී ඇති අතර, එක් ඡන්දයකින් 2026 හොරණ නගර සභා අයවැය පරාජයට පත් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments