ඉරානය සමඟ ඇති කරගැනීමට නියමිත ගිවිසුම අවසන් අදියරේ පවතින බවත්, එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ හැකි බවත් එක්සත් ජනපද ජනාධිපති Donald Trump ප්‍රකාශ කිරීමත් සමඟ ආසියානු බොර තෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් බොර තෙල් මිල සියයට 5කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 97.90ක් ලෙස වාර්තා වී ඇති අතර, WTI බොර තෙල් මිලද සියයට 5.3කින් පහළ ගොස් ඩොලර් 90.93ක් දක්වා අඩුවී ඇත.
කෙසේවෙතත්, මර්බන් බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඩොලර් 102.21ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.
තෙල් මිල පහළ යාමත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක ද වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ජපානයේ ප්‍රධාන කොටස් දර්ශකය වන Nikkei 225 ඉතිහාසයේ පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වන ලකුණු අතර තෙල් මිල පහළට

