Tuesday, October 15, 2024
Homeසියලුම පුවත්?විදුලි ගාස්තු යළි ඉහළ දමන්න මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක්

?විදුලි ගාස්තු යළි ඉහළ දමන්න මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක්

රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමානාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට එමඟින් ඉල්ලීමක් කළ බවය.

ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවය.

මේ වසරේ ගිගාවොට් පැය 4,500 ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ නමුත්, නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

ඒ අනුව ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ලබාගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවූ අතිරේක මුදල පියවා ගැනීම සඳහා මෙම ඉල්ලීම පෙරේදා (27) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබුණි.

පවතින ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙලස ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට එමඟින් ඉල්ලා සිටි බව ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ විමසීමකදී එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවය.

මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments