Homeසියලුම පුවත්🚨 බෙල්ලන්විල ඇසළ පෙරහැර හේතුවෙන් දින 3ක් රථවාහන සීමා කෙරේ

🚨 බෙල්ලන්විල ඇසළ පෙරහැර හේතුවෙන් දින 3ක් රථවාහන සීමා කෙරේ

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් අගෝස්තු 13, 14 සහ 15 යන දිනවල පෙරහැර ගමන්ගන්නා මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

🔴 අගෝස්තු 13 – පාවඩ පෙරහැර රාත්‍රී 7.00 සිට 10.00 දක්වා.

🔴 අගෝස්තු 14 – රන්සිවලී පෙරහැර රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 2.00 දක්වා.

🔴 අගෝස්තු 15 – රන්දෝලි මහා පෙරහැර රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 4.00 දක්වා.

බොරලැස්ගමුව, බෙල්ලන්තර, නැදිමාල, පැපිළියාන ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග සීමා කෙරෙන බැවින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

විශේෂයෙන් හොරණ, පිළියන්දල, කැස්බෑව සහ මහරගම දෙසින් පැමිණෙන බරවාහන සඳහාද විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.

🚗 පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශවලින් ගමන් කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments