Homeසියලුම පුවත්🛢️ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළට!

🛢️ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළට!

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය අවසන් වීමේ බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් 104.77ක් දක්වා අඩු වී ඇත.ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ හැකියාව පිළිබඳ සංඥා මතුවීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. එමෙන්ම දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර තිබේ.මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ලිපියක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මාස කිහිපයකට පසු ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකානු පාලනය ගත් ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස මෙය සැලකේ.🛢️ මෙම තත්ත්වය ඉදිරියේදී ලෝක ඉන්ධන මිල කෙරෙහිද බලපෑමක් ඇති කළ හැකි බව අවධානයට ලක්ව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments