කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (03) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දකුණු සහ ඌව පළාත්වලට මෙන්ම රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකිය.
එසේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
තවද සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
⚠️ වැසි සහ අකුණු පවතින අවස්ථාවලදී ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න.

