Friday, December 12, 2025
Homeදේශීයඅකුරැස්සට ගතවූ පැය 24 තුළ වැඩිම වැසි — වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අකුරැස්සට ගතවූ පැය 24 තුළ වැඩිම වැසි — වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පසුගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අකුරැස්ස ප්‍රදේශයට ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ප්‍රදේශය තුළ මීටර් මිලිමීටර් 125කට ආසන්න වැසි තැන්පත් වී ඇති බව ජලවිද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා අද (5) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ, අනෙක් බොහෝ ප්‍රදේශවල වර්ෂාව සාමාන්‍ය මට්ටමේ පමණක් ඇතිව ඇති අතර ගංගා ජල මට්ටම් විශේෂයෙන් ඉහළ ගොස් නොමැති බවයි.

වැව් පද්ධතිය පිළිබඳවද අදාල නිවේදනයේ සඳහන් වන්නේ, කිසිදු අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොපවතින අතර බොහෝ වැව් සාමාන්‍ය ලෙස වාන් දමමින් පවතින බවයි.

ඉදිරි දිනවලදී වර්ෂාපතනය වැඩිවීමේ අවදානමක් පවතින බැවින්, ගංගා ජල මට්ටම් අධීක්ෂණය කරමින් නිල නිවේදන මගින් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සූරියබණ්ඩාර මහතා ජනතාවට ඉල්ලීමක් කළේ, කලබල වී නොසිටිමින්, නිල පුවත් හා නිවේදන මත පමණක් විශ්වාස කරන ලෙසය.

RELATED ARTICLES

Most Popular

Recent Comments