අද (14) දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.මේ අතර, ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම පද්ධතිය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 16 වැනිදා පමණ වන විට මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක්ද පවතී.ඒ හේතුවෙන් අද (14) පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලත්, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලත් ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර හා නාවික ප්‍රජාව ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.මුහුදු ප්‍රදේශවල තත්ත්වය- වැසි: කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.- සුළඟ: දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟ ඊසාන හෝ උතුරු දිශාවලින් පැයට කිලෝමීටර් 30–40ක වේගයෙන් හමයි. කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල එම වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකිය.- මුහුදේ ස්වභාවය: කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල පැයට කිලෝමීටර් 60–70ක තද සුළං ඇතිවී මුහුද ඉතා රළු විය හැකිය.ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල අනාවැකි සහ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් සහ ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

