Homeසියලුම පුවත්අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල හා ඩ්‍රෝන ගබඩා ඉලක්ක කර ප්‍රහාර

අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල හා ඩ්‍රෝන ගබඩා ඉලක්ක කර ප්‍රහාර

අමෙරිකානු ගුවන් හමුදාව ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩා කිහිපයකට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට ඉරානය විසින් එල්ල කළ බව කියන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බවද සඳහන් වේ. එමෙන්ම ඉරානයේ වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක්ද ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය නැවත වරක් උල්ලංඝනය කර ඇති බවයි.
ඉරානය සිය ක්‍රියාකලාපය වෙනස් නොකරන්නේ නම්, මීට පෙර ආරම්භ කළ හමුදා මෙහෙයුම තවදුරටත් පුළුල් කිරීමට සිදුවනු ඇති බවත්, ඒ පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක්ද ට්‍රම්ප් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments