Homeසියලුම පුවත්අමෙරිකාව දෙවැනි වටයට - මොරොක්කෝවටත් ජය

අමෙරිකාව දෙවැනි වටයට – මොරොක්කෝවටත් ජය

මෙරට වේලාවෙන් අද (20) අලුයම පැවති පාපන්දු ලෝක කුසලාන තරග දෙකෙන් ජයග්‍රහණ වාර්තා කිරීමට සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව සමත් වී තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ගෝල 2-0ක් ලෙස ජයගත් අමෙරිකාව, මෙවර තරගාවලියේ අඛණ්ඩ දෙවැනි ජය වාර්තා කරමින් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අමෙරිකාව වෙනුවෙන් පළමු ගෝලය ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බර්ගස්ගේ ස්වයං ගෝලයකින් හිමිවූ අතර, දෙවැනි ගෝලය ඇලෙක්ස් ෆ්‍රීමන් විසින් තරගයේ 43 වැනි මිනිත්තුවේදී වාර්තා කළේය.
මේ අතර, ‘C’ කාණ්ඩය යටතේ පැවති තවත් තරගයකදී ස්කොට්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට මොරොක්කෝව සමත් විය.
තරගයේ දෙවැනි මිනිත්තුවේදීම ඉස්මයිල් සයිබාරි ලබාගත් ගෝලය තරගයේ එකම සහ ජයග්‍රාහී ගෝලය බවට පත්විය.
මෙම ජයත් සමඟ මොරොක්කෝවද අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති අතර, ස්කොට්ලන්තයේ දෙවැනි වටයට පිවිසීමේ බලාපොරොත්තු බොහෝ දුරට අවසන් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments