Tuesday, January 27, 2026
Homeදේශපාලනඅයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අද දිනයේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදය අවසන් වූ පසු පස්වරු 6.00ට ඡන්ද විමසීම සිදුවේ.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

නොවැම්බර් 14 දින පැවැත් වූ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 160ක්, විරුද්ධව ඡන්ද 42ක් හිමිවුණු අතර, මන්ත්‍රී 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. එමනිසා වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

තුන්වන වර කියවීමේ විවාදය සඳහා දින 17ක් වෙන්කර තිබුණත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සභා රැස්වීම් කිහිපයක් කල්තැබීමට සිදු විය.

මේ අතර, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments