Saturday, January 24, 2026
Homeදේශීයඅයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6370 කට පීඩා

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6370 කට පීඩා

දිස්ත්‍රික්ක 14 කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1756 ක පුද්ගලයන් 6370 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මින් නිවාසයක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 309 කට අර්ධ හානි වී ඇති බවත්, මාතර පිටබැද්දර ප්‍රදේශයේ පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපර 06 කට ද හානි සිදු වී ඇතැයි වාර්ත වී ඇත.

ගාල්ල, මාතර කළුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, වවුනියාව සහ මුලතිව් යන ිදිස්ත්‍රික්කවල පිරිස් ආපදාවට ලක්ව ඇත. අධික වර්ෂාවත් සමඟ කළු ගඟේ කුඩු ගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටම පිරී පවතින අතර අනෙක් ගංගා සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
චමින්ද සිල්වා

RELATED ARTICLES

Most Popular

Recent Comments